Thursday, May 30, 2019

හරි මඟ යෑමට තවමත් කාලය ඉතිරිව ඇත!



ලංකාව ප්‍රැක්ටිස් මැච් දෙකම පරාදයි...!
දැන් ඉතින් එහෙම කියලා ලංකාවට මේ පාර වර්ල්ඩ් කප් එක උස්සන්න බැරිද?
හැමෝටම ඇහුනද නම් දන්නේ නෑ,
මට ඇහුනා ඊයේ කමෙන්ට්‍රිය අස්සේ සංගා කියපු කතාවක්....!
"ප්‍රැක්ටිස් මැච් වලදි ලංකාවේ රෙකෝඩ් එක නම් හැමදාම මේ වගේ තමයි,
අපි සෙල්ලම් කරන කාලෙත් ඒකේ වෙනසක් තිබ්බේ නෑ.
එකපාරක් අපි ඔස්ට්‍රේලියාවට ටුවර් එකක් ගියපු වෙලාවක ඔස්ට්‍රේලියා A ටීම් එකත් එක්ක ගහපු ප්‍රැක්ටිස් මැච් දෙකම අපි උඩින්ම පරාද උනා...!
ඒත් ටුවර් එක පටන් ගත්තට පස්සේ ඔස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ පළවෙනි මැච් එකේදි අපි මුලින් බැට් කරලා ලකුණු 340ක් අරගත්තා...!"
සංගත් එහෙම කියනවනම්,
හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ප්‍රැක්ටිස් මැච් එකකින්,දෙකකින් වර්ල්ඩ් කප් එකක් දිනන්නේ කවුද කියලා තීරණය කරන්න අමාරුයි කියන එක...!
මංගලගේ මිල සූත්‍රය හදන සමීකරණය වගේ රට පටලන්නේ නැතුව දැන්වත් අපේ බැටින් ඕඩර් එක පිළිවෙලකට එවනවනම්,
බෝලර්ස්ලා මීට වඩා වගකීමෙන් තමන්ගේ රාජකාරිය කරනවානම්,
වර්ල්ඩ් කප් එක කෙසේ වෙතත් අවසාන ටීම් 4ට වත් එන්න බැරි නම් නැහැ...!
කරුණාකරලා ස්කොඩ් එකේවත් නැති අයව ඉල්ලලා තැන් තැන්වල නහයෙන් අඬන එක දැන්වත් නතර කරමු.
එයාලා ගියා කියලා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉවසලා බලන් ඉමු...!

- හේලිත හෙට්ටිආරච්චි -