Sunday, June 2, 2019

- ලොතරැයි ඇදීමේ අහිතකර ප්‍රතිඵල -



කොහොමද බංග්ලාදේශ් ටීම් එක අද බැට් කරන හැටි?
ඊයේ අපිට හම්බුන පිච් එකට වඩා අද බංග්ලාදේශ් ටීම් එකට ලැබුණු පිච් එක හාත්පසින්ම වෙනස් තමයි,
ඒත් බලපල්ලා උන් බැට් කරන ලස්සන!
ගානට ස්ට්‍රයික් රොටේට් කරනවා,
අනික ඕවරේකට එක බවුන්ඩ්‍රියක් වත් කොහොම හරි දානවාම තමයි!
ඉතින් උන්‍ට පුළුවන් නම් ඇයි අපිට බැරි?
ඇත්තම කියනවා නම් මෑන් මැනේජ්මන්ට් අතින් ලෝකේ පහලින්ම ඉන්නේ අපි.
ටිකක් හිතලා බලපන්,
බංගලි ටීම් එකේ එක්ස්පීරියන්ස් එක තියෙන ප්ලේයර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා.
- ටමීම්
- සකීබ්
- කොටා
- මශ්‍රාෆි
- මහමදුල්ලා
මේ සීනියර්ස්ලා 5දෙනා එක්ක අළුත් උන් ලොකු දෙයක් කරන්න උත්සහා කරනවා.
හැබැයි උන් මේවා කරන්නේ රොකට් සයන්ස් පාවිච්චි කරලා නම් නෙවේ!
බංග්ලාදේශ් ක්‍රිකට් බෝඩ් එක, සිලෙක්ටර්ස්ලා එකතුවෙලා කලේ ලොකු ජයග්‍රහණයක් ලබන්න අවශ්‍ය දක්ෂතා මට්ටමට කවදා හෝ එයි කියලා හිතුන ප්ලේයර්ස්ලා ටිකක් එකතු කරගෙන ඒගොල්ලන්ට යම් රාජකාරියක් පවරලා ඒක දිගින් දිගටම කරන්න අවස්ථාව දුන්න එක.
උන්ට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑනේ කොහොමත්!
මේකෙන් උනේ ඒ ප්ලේයර්ස්ලා අවුරුදු ගාණක් තිස්සේ පැරදිලා පැරදිලා,
වැරදි හදාගෙන,
හරි ගාණට තෙම්පරාදු උන එක!
අද වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ ඒ කරපු වැඩේ ප්‍රතිඵල උන්ට ලැබෙමින් පවතිනවා!
හැබැයි එහෙම කියලා එකම වැරැද්ද කර කර ගොම තැම්බවල් වගේ ඉන්න උන්ට දිගටම චාන්ස් එක දෙන්න ඕන කියලා කියවෙන්නේ නෑ හොඳේ..!
කියන්න දුකයි,
අපිට කෙළවෙන්න ප්‍රධාන හේතුවත් ඕක නොකරපු එකම තමයි!
ඉන්ග්ලන්ඩ්,බංග්ලාදේශ් වගේ ටීම් එකම ප්ලේයර්ස්ලා ටිකකට ලෝන්ග් රන් එකක් දෙද්දි,
අපේ අය කලේ ලොතරැයි දිනුම් අදිනවා වගේ ටුවර් එකෙන් ටුවර් එකට ඉන්න උන්ගේ ඔලු ටික හොල්ලලා හොල්ලලා අතෑරලා,
අන්තිමට අතට අහුවෙන සෙට් එක තෝරගෙන ටීම් එක හදපු එක.
විශේෂයෙන්ම ඕක වැඩිපුරම කලේ අපි ආසම ප්ලේයර් කෙනෙක් උනත්,
හැබැයි අපිට හිටපු නරකම සිලෙක්ටර් කෙනෙක් වෙච්ච,
සනාබෝයි තමා!
අපේ ටීම් එකේ දැන් මේ ඉන්න ප්ලේයර්ස්ලා අදක්ෂ අය නෙවේ.
ඒත් පොඩ්ඩක් හිතලා බලන්න මේ 11 දෙනාම එකට මැච් කීයක් සෙල්ලම් කරලා තියෙනවද කියලා?
ටීම් එකේ ඉන්න උන්ගැන ටීම් එකේ ඉන්න උන්ටම හරි අවබෝධයක් නෑ.
දිමුත්ව උනත් කැප්ටන් කලේ වර්ල්ඩ් කප් එක දිනන්නම නෙවේ,
පරිපාලනයට අහන්න වෙන බැනුම් ටිකට ඌවත් දායක කරවගන්න.
දැන් නම් හොඳටම පරක්කු වැඩියි!
ස්කූල් ක්‍රිකට් වල ඉඳලම ආයේ කොනක ඉඳන් සුද්ධ කරලා හදන්න වෙනවා!
ඒ වැඩේ කරන්න අවශ්‍ය මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා.
ඒත් ඡන්ද පෙරේතකම නිසා අන්තවාදය නොපෙනුනා වගේ ඉන්න දේශපාලුවෝ හා සමානවම,
පුටුවලට තියෙන පෙරේතකම නිසා සිස්ටම් එක වෙනස් කරන්න දෙන්නේ නැති කාලකණ්ණි පාලකයෝ ඉන්නකන් අපිට මෙහෙම වෙන එක නතර කරන්න අමාරුයි!
කණගාටුයි කියන්න,
අනාගතේදි අපේ රටේ ඉපදෙන්න ඉන්න උන්ට 'ශ්‍රී ලංකා ක්‍රිකට්' කියලා පෙන්නන්න ඉතුරුවෙන්නේ 2015ට කලින් අපේ උන් දාපු වැඩ කිඩ වල යූටියුබ් වීඩියෝ ටික විතරයි!
- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment