Thursday, July 4, 2019

- සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනවර්ථ නාමයන් -



අද ලිපිය නම් රස කතාවක් ගැන නෙවේ.
හැබැයි ටිකක් රස පැත්තට බර මාතෘකාවක් කියලා කියන්න බැරිකමකුත් නෑ. 
එදාමෙදාතුර ක්‍රිකට් ක්‍රීඩා කරපු සුපිරි ක්‍රීඩකයින්ගේ අනවර්ථ නාමයන් එහෙමත් නැත්නම් නික්නේම්ස් මම දන්න,හොයාගත්ත විදියට ලියන්නයි මේ හදන්නේ.හැබැයි මේක ලේසි වැඩක් නම් නෙවෙයි.ඒ නිසා සමහර අයගේ නම් මඟහැරිලා ඇති.ඒ වගේ මට මඟහැරුණු ඒත් උඹලා දන්න නම් කමෙන්ට් කරන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.

අනවර්ථ නාමයක් කියන්නේ සුළුවෙන් තකන්න පුළුවන් දෙයක්මත් නෙවෙයි.
සමහර වෙලාවට අනවර්ථ නාමයක් කියන්නේ පුරාවෘත්තයක එක මතක සටහනක්.
අපි ආසම ක්‍රීඩකයෙක්ගේ අනවර්ථ නාමයක් කනට ඇහිච්ච ගමන් හිත ඇතුලේ චිත්‍ර කතාවක් වගේ මතක ගොඩක් එක පෙලට ගලාගෙන ඇවිල්ලා මයිල් කෙලින්වෙලා ලොකු ගැම්මක් ඇතිවෙන අවස්ථා කොච්චර නම් තියෙනවද?
උඹලට නම් කොහොමද මන්දා මටනම් එහෙම වෙලා තියෙනවා.ඉස්සරහටත් වෙයි කියලා හිතෙනවා.

අනිත් දේ මෙතන අරාගෙයි සනාගෙයි ෆොටෝ එකක් දැම්මේ මම ආසම නික්නේම් තියෙන ක්‍රීඩකයෝ දෙන්නා ඒ දෙන්නා නිසා.
කොච්චර අය ආවා ගියා උනත් අරයි - සනයි අපි පොඩි කාලේ අර කොකබුරා බැට් වලින් හතර අතේ වනනකොට දැනිච්ච ගැම්ම නම් අපිට ආපහු දැනෙන එකක් නෑ! 

හරි දැන් මාතෘකාවට එමු.
ජාත්‍යන්තරයට යන්ඩ කලින් දේශීය දේ අගය කරන්න ඕන නිසා මම අපේ ක්‍රීඩකයින්ගේ අනවර්ථ නාම ටික මුලින්ම දාන්න හිතුවා.

- ශ්‍රී ලංකාව -

• අරවින්ද - මෑඩ් මැක්ස්
• සනා - මාතර මෝලර්, මාතර හරිකේන්, මාස්ටර් බ්ලාස්ටර්, සනාබෝයි
• අර්ජුන - කැප්ටන් කූල්
• කලූ - පොකට්/ලිට්ල් ඩයිනමයිට්, ලිට්ල් කලූ
• මුරලි - ස්මයිලින් ඇසසේන්
• මහනාම - මහා
• ගුරුසිංහ - ගුරා
• වාස් - වාසි
• ‍රවීන්ද්‍ර පුෂ්පකුමාර - පවර් පැක්
• ප්‍රමෝද්‍ය - ප්‍රමෝ
• ධර්මසේන - උනන්දුවා
• මහේල - මයියා
• සංගක්කාර - සංගා, ද රන් මැෂින්
• රසල් - ගප්පියා, මයිල්
• දිල්ශාන් - දිලී, මිස්‍ටර් පල්ලෙකැලේ, මිස්ටර් දිල්ස්කූප්
• හේරත් - හේරා, ටොගා, රංගයියා
• මහරුෆ් - මහා, ෆරා, ද රූෆ්
• මාලිංග - ස්ලිංගා, මාලි
• කුලසේකර - කුලේ
• අජන්ත - අජා
• ධම්මික ප්‍රසාද් - ගාමිණී
• තරංග පරණවිතාන - මෝරා
• ජෙහාන් මුබාරක් - ප්‍රොෆෙසර්
• තිසර පෙරේරා - පැන්ඩා, අයන්මෑන්
• මැතිව්ස් - ඇන්ජි, සුපර්මෑන්
• චන්දිමාල් - චන්දි
• රොශේන් සිල්වා - බන්ටි
• අකිල - රණේ
• නිරෝෂන් දික්වැල්ල - මුවා

අපේ කට්ටියගේ අනවර්ථ නාම වලින් පස්සේ විදේශීය ක්‍රීඩකයන්ගේ අනවර්ථ නාමයන් 

- බටහිර ඉන්දීය කොදෙව් දූපත් -

• ජෝර්ජ් හෙඩ්ලි - බ්ලැක් බ්‍රැඩ්මන්
• ක්ලයිව් ලොයිඩ් - සුපර් කැට්
• සර් විවියන් රිචඩ්ස් - විව්, මාස්ටර් බ්ලාස්ටර්, ස්මෝකින් ජෝ, කිං විව්, ද එම්පරර්
• ඇල්වින් කලිචරන් - කල්ලි
• ඩෙස්මන්ඩ් හේන්ස් - ලියෝ
• මයිකල් හෝල්ඩිං - විස්පරින් ඩෙත්
• ජොයෙල් ගානර් - බිග් බර්ඩ්
• මැල්කම් මාෂල් - මැකෝ
• වොල්ෂ් - ඇම්බ්‍රෝස් - 2 c's
• බ්‍රයන් ලාරා - ප්‍රින්සි
• චන්ද්‍රපෝල් - ටයිගර්
• ක්‍රිස් ගේල් - හෙන්රි, ගේල් ස්ටෝම්, ගේල් ෆෝස්, යුනිවර්ස් බොස්
• ඩ්වේන් බ්‍රාවෝ - ඩීජේ, ජොනී
• ෆිඩෙල් එඩ්වර්ඩ්ස් - කැස්ත්‍රෝ

- ඉන්දියාව - 

• මන්සූර් අලි ඛාන් - ටයිගර්
• සචින් - ලිට්ල් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර්, ගෝඩ් ඔෆ් ක්‍රිකට්
• ශෙවාග් - විරූ, නවාබ් ඔෆ් නජ්ගර්, සුල්තාන් ඔෆ් මුල්තාන්
• කුම්බ්ලේ - ජම්බෝ
• කපිල් දේව් - හරියානා හරිකේන්
• ගවස්කාර් - සනී, ලිට්ල් මාස්ටර්
• ගංගුලි - දාදා, ප්‍රින්ස් ඔෆ් කොල්කටා
• දෝණි - මහී, ද ෆිනිෂර් 
• ඩ්‍රාවිඩ් - ද වෝල්
• VVS ලක්ෂ්මන් - වෙරි වෙරි ස්පෙෂල්
• ගාම්භීර් - ගවුති
• කෝලි - චීකු
• රෝහිත් - හිට්මෑන්, මැගී මෑන්
• සහීර් ඛාන් - සැක්
• අගාකාර් - බොම්බේ ඩක්
• රයිනා - සෝනු
• යුවරාජ් - යූවී, ප්‍රින්ස්
• හර්බජාන් - බජී, ටර්බනේටර්
• ධවාන් - ගබ්බර්
• අජින්කියා රහානේ - ජින්ක්ස්, අජ්ජු
• රවීන්ද්‍ර ජඩේජා - ජද්දු, සර් ජඩේජා
• හර්දික් පාන්ඩ්‍යා - රොක්ස්ටාර්

- ඔස්ට්‍රේලියාව -

• සර් බ්‍රැඩ්මන් - ද ඩොන්, ද බෝයි ෆ්‍රොම් බෝරාල්, බ්‍රැඩ්ල්ස්, ද වයිට් හෙඩ්ලි
• රිචී බෙනෝ - ඩයමන්ඩ්ස්
• බිල් ලෝරි - ෆැන්ටම්
• ඉයන් චැපල් - චැපලී
• ජෙෆ් තොම්ප්සන් - තොමෝ
• ඩෙනිස් ලිලී - F.O.T (Fxxxxg old tart)
• ඇලන් බෝඩර් - ඒබී, කැප්ටන් ග්‍රම්පි
• මාක් ටේලර් - ටබී
• රොඩ්නි මාෂ් - අයන් ග්ලවුස්
• ශේන් වෝන් - වෝනි, හොලිවුඩ්, ද ශේක් ඕ ට්වීක්
• මර්ව් හියුස් - ෆෘට් ෆ්ලයි
• මැග්‍රාත් - පිජන්
• ස්ටීව් වෝ - ටුගා, අයිස් මෑන්
• මාක් වෝ - ඇෆ්ඝන්, ජූනියර්
• ජේසන් ගිලස්පි - ඩිසී
• පොන්ටින් - පන්ටර්, චක් ඊ. චීස්
• ඩේමියන් ෆ්ලෙමින් - ෆ්ලෙමෝ
• ඩැරන් ලීමන් - බූෆ්
• ජස්ටින් ලැන්ගර් - ඇල්ෆි
• බ්‍රෙට් ලී - බිංගා, ඔස්වල්ඩ්
• සයිමන් කැටිච් - කැට්
• ගිල්ක්‍රිස්ට් - ගිලී, චර්චි, ද ඩිමොලිෂන් මෑන්
• හේඩ්න් - හේඩෝස්, යුනිට්, බිග් ෆිෂ්
• මයික් හසී - ද හස්, මිස්ටර් ක්‍රිකට්
• ඩේවිඩ් හසී - ජූනියර් මිස්ටර් ක්‍රිකට්, බොම්බර්
• බ්‍රැඩ් හොජ් - හොජී, ඩොජ්බෝල්
• බ්‍රැඩ් හොග් - ඩොකර්, ජෝර්ජ්
• ශේන් වොට්සන් - වට්ටෝ
• මිචෙල් ජොන්සන් - මිජ්, නොච්
• මයිකල් ක්ලාක් - පප්
• වෝනර් - බුල්, ලොයිඩ්
• ස්ටීව් ස්මිත් - ස්මජ්, පිගී
• ග්ලේන් මැක්ස්වෙල් - බිග් ශෝ

- එංගලන්තය -

• සර් ජැක් ජොබ්ස් - ද මාස්ටර්
• සර් ඉයන් බොතම් - බීෆි
• ජෙෆ් බෝයිකොට් - ෆියරි, බෝයික්ස්, තැච්
• ඩේවිඩ් ගවර් - ස්ටෝට්
• ගැරත් බැටී - බෝරිස්,නෝරා
• ඩේවිඩ් ලොයිඩ් - බම්බල්
• මයික් ගැටින් - ෆැට් ගැට්
• පිලිප් ඩිෆ්‍රිටාස් - ඩැෆී
• මයික් ඇතර්ටන් - අයන් මයික්, කොක්‍රෝච්
• නසාර් හුසේන් - නැශ්වැන්
• මැතිව් හෝගාඩ් - හොගී, ඔගී
• ඇලෙක් ස්ටුවර්ට් - ද ගැෆර්
• මාකස් ට්‍රෙස්කොතික් - ට්‍රෙස්කෝ, බැන්ගර්
• ඈෂ්ලි ජයිල්ස් - ගිලෝ, ස්කිනි, ස්ප්ලෑෂ්
• ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් - ෆ්‍රෙඩී
• ජිමී ඇන්ඩර්සන් - ජිමී, ද බර්න්ලි ලාරා
• ස්ටීව් හාමිසන් - හාමි
• ඇන්ඩෲ ස්ට්‍රෝස් - ලෙවි, ලෝඩ් බ්‍රොකට්
• කෙවින් පීටර්සන් - කේපී, කෙල්වින්
• ස්ටුවර්ට් බ්‍රෝඩ් - වෙස්ට්ලයිෆ්
• මොන්ටි පනේසාර් - මන්ස්ටර්, පයිතන්
• ඉයන් බෙල් - බෙලී, ද ශර්මනේටර්
• ඇලෙස්ටයාර් කුක් - ද චෙෆ්, කැප්ටන් කුක්
• ජෝ රූට් - රූටි
• ක්‍රිස් වෝක්ස් - විසර්ඩ්

- පකිස්තානය - 

• මුෂ්ටාක් අහමඩ් - මුෂී, ජාදුගර්
• කලීඩ් මෂූඩ් - පයිලට්
• වසීම් අක්‍රම් - සුල්තාන් ඔෆ් ස්වින්ග්
• වකාර් යුනුස් - විකී
• සයිඩ් අන්වර් - මීඩා
• සක්ලේන් මුෂ්‍ටාක් - බිජ්ලි
• ඉන්සමාම් - ඉන්සි, අලූ
• මොහොමඩ් යුසුෆ් - යෝ - යෝ
• ශොයිබ් අක්තාර් - රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්
• සයිඩ් අජ්මාල් - ද මැජිශියන්, සයිඩ් බායි
• මිස්බා - ටුක් ටුක් කිං, ලෝන් වෝරියර්, මෑන් ඔෆ් ක්‍රයිසිස්
• ඉම්‍රාන් ෆර්හට් - රෝමි
• අෆ්‍රිඩි - බූම් බූම් අෆ්‍රිඩි, ලාලා
• මොහොමඩ් හෆීස් - ප්‍රොෆෙසර්
• අබ්දුල් රසාක් - බෑන්ග් බෑන්ග් රසාක්
• උමාර් ගුල් - ගුල්ඩෝසර්
• ධනේෂ් කනේරියා - නැනී ඩැනී

- දකුණු අප්‍රිකාව -

• පීටර් පොලොක් - පූච්, ද බිග් ඩෝග්
• ග්‍රැහැම් පොලොක් - ද ලිට්ල් ඩෝග්
• ඇලන් ඩොනල්ඩ් - ද වයිට් ලයිට්නින්
• මොන්ඩේ සොන්ඩෙකි - ඕල් හෑන්ඩ්ස්
• ජොන්ටි රෝඩ්ස් - පැරට්, මරිට්ස්බර්ග් මම්බා
• මකායා න්ටිනි - ජෝර්ජ්
• ඇන්ඩ්‍රේ නෙල් - නෙල්ලා, ගුන්තර්
• හර්ෂල් ගිබ්ස් - ස්කූටර්
• ඒ.බී ඩිවිලියර්ස් - සුපර්මෑන්, මිස්ටර් 360°

- නවසීලන්තය - 

• සර් රිචඩ් හැඩ්ලි - පැඩ්ල්ස්
• ක්‍රේග් මැක්මිලන් - මැකා
• පීටර් ෆුල්ටන් - ටූ මීටර් පීටර්
• ක්‍රිස් හැරිස් - ලග්ස්
• බ්‍රෙන්ඩන් මැකලම් - බෑස්, මිස්ටර් ෆැන්ටෑස්ටික්, මිස්ටර් ඕපනර්
• ජීතන් පටෙල් - ඩේව්
• කේන් විලියම්සන් - කිවි කේන්, ස්ටෙඩි ද ශිප්, මාස්ටර් කිවි, බ්ලැක් කැප්ස් මාස්ටර්

- බංග්ලාදේශය -

• මශ්‍රාෆි මෝර්ටසා - කෞෂික්
• මොහොමඩ් අශ්‍රාෆුල් - මාටින්
• මුස්ටෆිසුර් රහ්මාන් - ද ෆිස්

ඔන්න ඔය ටික තමයි මම හොයාගත්තේ.ගොඩක් ඒවා මඟහැරිලා ඇති.
එහෙනම් ඉතින් දැනට නවතින්නම්.
නැවත හමුවෙමු. ජය ✌

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment