Thursday, July 4, 2019

- ක්‍රිකට් ක්‍රීඩාවේ පියා දවාගත් ලේඛක සර් ආතර් කොනන් ඩොයිල් -



සුප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කල සර් ආතර් කොනන් ඩොයිල් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද?

ෂර්ලොක් හෝම්ස් කිව්වම නොදන්න අය ඉන්නවා කියලා නම් මම හිතන්නේ නෑ. ඒ තරම් ඒ චරිතය ලෝක ප්‍රසිද්ධයි.හැබැයි ඒ චරිතය නිර්මාණය කරපු සර් ආතර් කොනන් ඩොයිල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ගොඩක් අය දන්නේ නෑ.

කොනන් ඩොයිල් කියන්නේ ක්‍රිකට් විතරක් නෙවේ බොක්සිං,පාපන්දු කියන ක්‍රීඩා සියල්ලෙම යෙදුන කෙනෙක්.
1899 - 1907 කාල පරාසය ඇතුලේ කොනන් ඩොයිල් ප්‍රාන්ත තරඟ 10කට සහභාගි වෙලා තියෙනවා. ඩොයිල්ගේ ප්‍රාන්ත කණ්ඩායම තමා Marylebone Cricket Club එක. MCC කියන්නේ ඒ කණ්ඩායමට තමයි.
ඩොයිල් ඉනිමක රැස්කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලකුණු 43ක්. ඒ වගේම එකම එක විකට්ටුවක් ඩොයිල් දවාගෙන තියෙනවා.

"හොඳම වැඩේ කියන්නේ ඒ කඩුල්ල ක්‍රිකට් ක්‍රීඩාවේ පියා උන W.G Graceගේ කඩුල්ල"

දැන් උඹලා කියයි ඕකත් රෙකෝඩ් එකක්ද ඕක අපිටත් කරන්ඩ තිබ්බනේ කියලා. මතක තියාගනින් මේ මනුස්සයා වෘත්තියෙන් දොස්තර කෙනෙක්, ගත්කතුවරයෙක්.
ලෝක ප්‍රසිද්ධ කතා නිර්මාණය කරපු කෙනෙක්.ඉතින් එහෙම කෙනෙක් මේ වගේ අමතර ක්‍රීඩා දක්ෂතාවයක් පෙන්නන එකත් ලොකු දෙයක් තමයි.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment