Thursday, July 4, 2019

ෆ්‍රෙඩී - මුරලි ලව් ස්ටෝරිය ❤️


ෆ්‍රෙඩී ෆ්ලින්ටොෆ් - මුත්තයියා මුරලිදරන් හොඳම යහළුවන් වූයේ ලැන්කෂයර් ප්‍රාන්තයට එකට ක්‍රීඩා කිරීම නිසාය. 

එම මිත්‍රත්වය නිසා සිදුවූ රසවත් සිදුවීමකි මේ...!

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සංචාර කල අවස්ථාවලදී ෆ්ලින්ටොෆ් විසින් අනෙක් පසුපෙළ පිතිකරුවන්ට තරම් මුරලිට කෙටි පන්දු යවා යවා නැත. 
මුරලි විසින් ෆ්ලින්ටොෆ්‍ට අනිත් පිතිකරුවන්ට තරම් දූස්‍රා යවා නැත.
මෙයට හේතුව ඔවුන් දෙදෙනා අතර තිබූ දැඩි මිත්‍රත්වයයි.

නමුත් එවකට එංගලන්ත නායක නසාර් හුසේන් මේ ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කල කෙනෙක් විය. එබැවින් ෆ්ලින්ටොෆ්ට තරඟාවලිය තුලදී මුරලි සමඟ කතා කිරීම පවා තහනම් විය.

ඒ කෙසේ වුවත් එම තරඟාවලියේ පැවති තරඟයක් ආරම්භ කිරීමට පෙර ‍රාත්‍රී කෑම වේලාවේදී ඒ වනවිට අදාල වූ කතා කිරීමේ තහනමද නොතකා ෆ්ලින්ටොෆ් මුරලි සමඟ සැඟවී සංවාදයක යෙදී ඇත. මුරලි මෙම කතාකිරීමේ තහනම පිලිබඳව දැන සිට නැත.

මුරලි - "ෆ්‍රෙඩී මං ගාව එක බැට් එකක් වත් නෑ හෙට මැච් එකට. 
මට උඹේ බැට් එකක් දියන්කෝ.."

ෆ්ලින්ටොෆ් ඒ යෝජනාවට එකඟ වී ඇති අතර ඔවුන්ගේ වාසනාවට එවකට ඔවුන්ගේ bat sponsor ද එකම ආයතනයක් විය. එබැවින් කාටත් නොදැනී මේ රහස රැකගැනීමට පහසු විය.

ඉන්පසු දිනය එසේත් නැත්නම් තරඟ දිනයේ උදෑසනද මුරලි ෆ්ලින්ටොෆ් සමඟ කතාබහකට සූදානම් වී ඇති අතර ඈතින් ඔරවමින් බලාසිටි නසාර් නිසා ෆ්ලින්ටොෆ් මුරලිව පසෙකට කැඳවා පවසා ඇත්තේ,

"අපි ග්‍රවුන්ඩ් එකට ගියාම උඹ අපේ ඩ්‍රෙසින් රූම් එකේ පිටිපස්සේ දොර ඇරගෙන ඇතුලට ගිහින් මගේ බැට් එකක් ගනින්. හැබැයි ඕක මොකාටවත් කියන්න එපා!" ලෙසය.

ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදී ඇති අතර මුල් කඩුළු දැවීගිය පසු පිතිකරණය සඳහා මුරලි ෆ්ලින්ටොෆ්ගේ පිත්තද රැගෙන ක්‍රීඩාපිටියට පිවිස ඇත.
පිටියට පිවිසි මුරලිව දවාගැනීම සඳහා නසාර්ගේ සැලසුම වී ඇත්තේ කෙටි පන්දු යැවීමයි.පන්දු යැවීම සඳහා ෆ්ලින්ටොෆ්වද කැඳවා ඇත.

ෆ්ලින්ටොෆ් - "නසාර්, මුරලිව අවුට් කරන්න ශෝට් දාන්නම ඕන නෑ මම කෙලින්ම යෝකර් එකක් දාලා වැඩේ ඉවරකරන්නම්"

නසාර් - "උඹ මම කියනදේ කරපන්"

ෆ්ලින්ටොෆ් - "නෑ මම යෝකර් දාලම බලන්නම්. වැඩේ ඉවරයි කියලා හිතාගනින්"

ඉන්පසු පන්දුවාර කීපයේදීම ෆ්ලින්ටොෆ් මුරලිට යෝකර් යවා ඇති අතර එය සාර්ථක වී නැත. ෆ්ලින්ටොෆ්ගේ පිත්තෙන් මුරලි දිගට හරහට පහර එල්ලකිරීමට පටන් ගෙන ඇත.

කෙසේ වෙතත් ෆ්ලින්ටොෆ් පන්දු යැවීමෙන් ඉවත් කල නසාර් අනිත් පන්දු යවන්නන් අත්හදා බැලුවද එයින්ද පලක් වී නැත.

එක් දැවැන්ත 6 පහරක් එල්ල කිරීමෙන් පසු මුරලි තණතීරු අන්ත මාරු කිරීමට පැමිණි අවස්ථාවේ මුරලිගේ අතේ තිබූ පිත්තේ ෆ්ලින්ටොෆ්ගේ නමේ මුලකුරු නසාර් දැක ඇත. එවිටම නසාර් හා ෆ්ලින්ටොෆ් දෙදෙනා අතරට පැමිණි මුරලි ප්‍රීතිමත් හිනාවකින් ෆ්‍රෙඩී නැතහොත් ෆ්ලින්ටොෆ්ව අමතා ඇත.

"Fuxxxg good bat freddie! 😂

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment