Tuesday, July 16, 2019

- ශ්‍රීනාත් සහ ප්‍රසාද් -


ශ්‍රී ලාංකික පිතිකරුවන්ගෙන් බඩකටපුරා ගුටිකෑමේ නිර්ණායකයට අනුව බැලූ කල,

'වෙන්කටේෂ් ප්‍රසාද් - ජවගාල් ශ්‍රීනාත්'
නම් අපට හුරුපුරුදු ක්‍රීඩකයින් යුගලය දෙවෙනි වන්නේ ඔවුන්ගේ කණ්ඩායමේම සිටි ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වූ
'මනෝජ් ප්‍රභාකර්'ට පමණි.

- මඳවේග පන්දුයවන්නෙක් ලෙස ක්‍රීඩාකල 'ප්‍රභාකර්' 'ජයසූරිය' නම් අමානුෂික,
පාපතර පිතිකරුවාගෙන් අම්බානක ගුටි කෑම හේතුවෙන්,

- තරඟයක් අතරවාරයේම දඟපන්දු යවන්නෙක් බවට පරිවර්තනය වුවද,

- ඉන්පසුව ජයසූරිය පෙරලා ලබාදුන් ගුටි ප්‍රමාණය ඩබල් වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම සමුගත්තද,

ප්‍රසාද් හා ශ්‍රීනාත් කෙසේ හෝ පිදුරු ගහේ ඉල්ලී සිටීමට සමත්කම් දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙකි!

- ප්‍රභාකර්ගේ නික්මයෑමෙන් පසුවද ඉන්දීය කණ්ඩායමේ නිරන්තරයෙන්ම රැඳී සිටි නමුත්,
ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යනතුරුම අපේ කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් දිනපතා ගුටි කෑ වේග පන්දුයවන්නන් යුගලයක් වුවද,

මොවුන් දෙදෙනාට අනිවාර්යයෙන්ම අප සියල්ලන්ගේම ගෞරවය ලැබිය යුතු වන්නේය!

ඒ ඔවුන් දෙදෙනාටම තිබූ නිරහංකාර ගතිපැවතුම් නිසාවෙනි...!

- අදටත් ජවගල් ශ්‍රීනාත්ගේ ප්‍රියතම පිතිකරුවා අරවින්ද ද සිල්වාය.

- එමෙන්ම සනත් ජයසූරියට තරම් වෙන්කටේෂ් ප්‍රසාද් බිය වූ තවත් පිතිකරුවෙක් මිහිපිට සිටියේද නැත.

ප්‍රතිවාදීන් වන ඔවුනොවුන් අතර තිබුණේ ගෞරවාන්විත සහෝදරත්වයකි.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment