Saturday, July 6, 2019

''අපිට රිද්දන්න ආවොත් අපිත් රිද්දනවා!''


කතාවේ හෙඩිම දැක්කම එකපාරට මොකද්ද මේ කතාව කියලා උඹලා අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තියෙනවා.ඇත්තටම මේක ටිකක් ඉස්සර සිද්ධ උන කතාවක්.හැබැයි ලියන්ඩම වටින කතාවක්.පොඩ්ඩක් ඉවසගෙන පහලට කියවන්ඩ කියලා තමා ඉල්ලන්ඩ තියෙන්නේ.

උඹලට නම් කොහොමද මන්දා මටනම් ලංකාවේ හිටපු හොඳම ක්‍රිකට් නායකයෝ දෙන්නා මහේලයි - අර්ජුනයි.96ට කලින් හිටපු අර්ජුන තරම් සුපිරි නායකයෙක් නම් ලංකාවේ ආපහු බිහිවෙන එකක් නෑ.හැබැයි අර්ජුනටත් වඩා මහේලට Cricketing Brain එකක් තිබ්බා කියලයි මම නම් හිතන්නේ.

උඹලා දන්නවා ඇති Sledging කරනවා කියන එක.Sledging කියන්නේ වාචිකව වෙනයම් කෙනෙක්ව පීඩනයට ලක්කරනවා කියන දේ.ක්‍රිකට් වලදී ලෝකේ වැඩිපුරම Sledge කරේ ඔසීලා.ඒ වගේම අඩුවෙන්ම Sledge කරපු අය ඉන්නේ/හිටියේ ලංකාවේ කියලා තමා මාත් කාලයක් හිතන් හිටියේ.හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ අපේ උන් ග්‍රවුන්ඩ් එකෙන් එලියේ ඉඳන් බලන් ඉන්න කාටවත් නොතේරෙන්න අනිත් ටීම් එකේ උන්ව Sledge කරපු එකයි.එහෙම බැලුවම අපේ උන් තමා සුපිරිම වැඩ්ඩෝ.

ඉතින් ඔය Sledging සම්බන්ධ කතාවක් තමයි මේ.මේ සිද්ධිය සනාබෝයි කණ්ඩායමේ නායකයා විදියට ඉන්න කාලේ සිද්ධ උන එකක්.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික කාලෙකට කලින් දකුණු අප්‍රිකාව සංචාරය කරනවා.මුලින්ම තිබුනේ ටෙස්ට් තරඟාවලිය.

පළවෙනි ටෙස්ට් තරඟය අපි කක්කා කරගෙන පරාද වුනා.ප්‍රධාන හේතුව දකුණු අප්‍රිකානු උන් අපේ උන්ව බලු විදියට Sledge කරපු එක.
මැච් එකෙන් පස්සේ අපේ කට්ටිය සාකච්ඡාවක් කරනවා.මේ සාකච්ඡාව කරන්නේ කොහොමද දෙවෙනි ටෙස්ට් එකේදී අපිට කියපු බලු කතාවලට උත්තර දෙන්නේ කියන එක ගැන.
ඉතින් අපේ අය ප්ලෑන් එකක් ගහනවා.ප්ලෑන් එක තමයි බලු කතා කියපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ 5 දෙනෙක් ඉලක්ක කරලා අපේ අයට කියපුවට හරියන්න ඒ අයට කටෙන්ම උත්තර දෙන එක.

ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමා අහිංසක හර්ෂල් ගිබ්ස්.අහිංසකයි කියලා අපි හිතන් හිටියට උන්ගේ කටවල් ගැන දන්නේ ග්‍රවුන්ඩ් එකට බැහැපු මහේලලා වගේ අයම තමයි.
දෙවෙනි ටෙස්ට් එක පටන් ගන්නවා. පටන් ගත්ත වෙලේ ඉඳන් අපේ උන් ගිරව් වගේ ගිබ්ස් ඇතුළු අර 5 දෙනාට කටින් ගහපු එකම තමයි කරන්නේ.
පළවෙනි ඉනිම පුරාවටම ඕක කරනවා.

දෙවෙනි ඉනිමට ගිබ්ස් බැට් කරන්න පිච් එකට එනවා.අපේ උන් ආය පටන් ගන්නවා වැඩේ.
අපේ උන් කියපු වචන,කතා කොච්චර දරුණුද කියනවනම් ගිබ්ස්ට ඇඬෙනවා.ඇඬුනට පස්සේ ගිබ්ස් යනවා සනත් ගාවට.
ගිහින් හෙමින් කියනවා "කරුණාකරලා උඹලගේ උන්ට කියපන් දැන් ඇති මේක" කියලා.ඔන්න එතකොට අපේ උන් නතරකරනවා Sledge කරන එක.

වැඩේ කියන්නේ මැච් එක ඉවර උනාට පස්සේ දකුණු අප්‍රිකානු ටීම් එකේ කැප්ටන් පොලොක්,ටීම් එකේ කෝච් දෙන්නම අපේ ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා කාරුණිකව ඉල්ලලා තියෙනවා දැන් මේ වලිය හොඳටම ඇති මේක නතර කරන්න කියලා.
අන්න එතකොටයි මහේල කියලා තියෙන්නේ "අපිට රිද්දන්න ආවොත් අපිත් රිද්දනවා" කියලා.

ඇත්තටම කිව්වොත් 2015ට කලින් හිටපු අයගෙන් මහේල - සංගා ඩබලගේ කටවල් වලට සම කරන්න අය තාම නම් අපේ ටීම් එකේ නෑ.

එකපාරක් BBL Commentary එකේදී ෆ්ලින්ටොෆ් කියනවා,
"උඹලා කාව Sledge කලත් සංගව නම් Sledge කරන්න යන්න එපා.මොකද සංගා හොඳට ඉගෙනගත්‍ත කෙනෙක්.ඒ මදිවට Lawyer කෙනෙක්.උඹ කියන ඒවයින්ම අල්ලලා උඹට ආපහු හොඳවයින් අහගන්ඩ වෙන්නේ" කියලා.

අපි වැඩෙන් විතරක් නෙවේ කටිනුත් Lionsලා කියලා පෙන්නපු තවත් කතාවක් ඔන්න ඔහොමයි ඉවර උනේ.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment