Saturday, March 23, 2019

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විරල ඡායාරූප 10ක්!

1.1938 වසරේදි තේ පානය සඳහා තරඟය නතර කල අයුරු - එංගලන්තයේ හෙඩිංලි හිදී.

2. ආවේගශීලී ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං තරඟයක් අවසන් වූ පසු තම දියණිය සුරතල් කල අයුරු.

3. 1928 වසරේදි ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 675කින් ටෙස්ට් තරඟයක් ජය ගත් එංගලන්ත කණ්ඩායම.

4. ලකුණු සමවූ පලමු ටෙස්ට් තරඟය -
ඔස්ට්‍රේලියාව - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර 1960 වසරේදි.

5. විනිසුරු තීරණයක් වෙනුවෙන් උරණ වූ කොදෙව් ක්‍රීඩක මයිකල් හෝල්ඩිං කඩුල්ලට පාපහරක් එල්ල කිරීම - 1980 නවසීලන්තය.

6. ඉන්දියානු කණ්ඩායමක් ලැබූ පළමු විදෙස් ටෙස්ට් තරඟාවලි ජය - 1971 එංගලන්තය.

ඉන්දියානු නායක අජිත් වඩේකාර් රසිකයන්ට ආචාර කිරීම. 
7. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස්ගේ අකල් වියෝව වෙනුවෙන් තම ශෝකය පලකල පකිස්තානු කණ්ඩායම.

8. ටෙස්ට් තරඟාවලියක් ආරම්භ වීමට පෙර තමාගේ ලකුණු ලබාගැනීම් පිලිබඳව විවේචනය කල සර් විව් රිචඩ්ස්ට එම තරඟාවලියේදි ශතකයක් ලබාගැනීමෙන් පසු දිනේෂ් රාම්දීන් පිලිතුරු දුන් ආකාරය.

මෙලෙස විනය කඩකිරීම නිසා දිනේෂ්ට දඩ මුදල් ගෙවීමට පවා සිදුවිය.
9. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට ගෞරවය දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මාක් ටේලර් පකිස්තානයට එරෙහිව පේශාවර් හිදී ලකුණු 334 ක් ලබාගැනීමෙන් පසු තම ඉනිම අත්හිටුවීම.

සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ හොඳම ටෙස්ට් ඉනිමද ලකුණු 334කි.
10. 1882 වසරේදි මුල්වරට එංගලන්තය තම මව්බිමේදි ඔස්ට්‍රේලියාවට ටෙස්ට් තරඟාවලියක් පරාජය වූ පසු පලකල අවමංගල්‍ය දැන්වීම.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment