Wednesday, March 20, 2019

- ටෙස්ට් වරම් ලැබූ වයස්ගතම ක්‍රීඩකයා -

ටෙස්ට් වරම් ලැබූ වයස්ගතම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේ එංගලන්තයේ 

"James Southerton" නම් ක්‍රීඩකයාය.

1827 නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු ටෙස්ට් වරම් ලබන්නේ 1877 වසරේ මාර්තු 15 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිවය.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 49ක් සහ දින 119ක් වූ අතර පිතිකරුවෙක් ලෙස ක්‍රිකට් දිවිය ඇරඹූ ඔහු මුල්කාලීනව එතරම් දක්ෂතා දැක්වීමට අසමත් වූ නමුත් පසුකාලීනව මදවේග පන්දුයවන්නෙක් ලෙස දක්ෂතා දැක්වීමට සමත්වීම ඔහුට ටෙස්ට් වරම් ලැබීමට හේතු පාදක විය. 

ටෙස්ට් තරඟ 2ක් ක්‍රීඩා කිරීමෙන් පසුව 1880 වසරේ ජූනි මස 16 වනදා ඔහු මෙලොව හැරගියේය.

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment