Wednesday, March 13, 2019

පුංචි කතාවකින් ලොකු වෙනසක් කල හැටි...!


2006 මාර්තු 12 වනදා ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා එක්දින තරඟය එදාමෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වූ සුවිශේෂි ගණයේ තරඟයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි.

එම තරඟය පිළිබඳව මෑතකදි අදහස් දැක්වූ එවකට දකුණු අප්‍රිකානු නායක ග්‍රැහැම් ස්මිත් එදින සිදුවූ අපූරු සිදුවීමක් පිළිබඳව සඳහන් කිරීමටද අමතක නොකලේය.


"ඔස්ට්‍රේලියා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 434ක් ලබාගත්තට පස්සේ අපේ කණ්ඩායමේ බහුතරයක් දෙනා හිටියේ බොහොම පසුතැවිල්ලෙන්.
අඩුමගානේ අපේ ක්‍රීඩාගාරයේ හිටපු ක්‍රීඩකයෝ කතා කරනවා වත් ඇහුනේ නෑ.
එහෙම තත්වයක් උදාවෙලා තිබිච්ච අවස්ථාවකදි එතනට ආපු ජැක් කලිස් හරි අපූරු කතාවක් කිව්වා...!"

"ලකුණු 450ක් විතර ගහන්න පුළුවන්කම තියෙන තැනක ඔස්ට්‍රේලියාව ලකුණු 434කට නැවතුනේ අපේ බෝලර්ස්ලා තමන්ගේ රාජකාරිය හරියට කරපු නිසා..!"

මේ කතාව ඇහුනට පස්සෙ අර සද්දයක්වත් නැතුව තිබුණු ක්‍රීඩාගාරයේ හිටපු අපේ ක්‍රීඩකයින්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා.

මම හිතන්නේ ඒක තමා තරඟය ජයග්‍රහණය කරන්න මූලිකම හේතුව...!

ලබාගත හැකි ආදර්ශය -
"විශ්වාසය ඇත්නම් ජයග්‍රහණයද වැඩි ඈතක නොවේ..!"

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment