Thursday, January 30, 2020

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල පළමු ද්‍රවිඩ ක්‍රීඩකයා!


වරදවා වටහාගන්න එපා!

ක්‍රීඩාවෙදි විතරක් නෙවේ,
ආගම,ජාතිය,කුළය නෙවේ මොනම දෙයක් අදාල කරගෙනවත් අපි බෙදෙන්න හොඳ නැහැ.
සිංහල,ද්‍රවිඩ,මුස්ලිම් ක්‍රිකට් ක්‍රීඩකයින් කියලා අපේ අපේම අය බෙදන්න හදනවා නෙවේ,
බහුතරයක් දෙනා නොදන්න දෙයක් ගැන කියන්නයි උවමනා උනේ.

අවුරුදු සියගණනක් තිස්සෙම සංක්‍රමණ,ආක්‍රමණ පමණක් නොව වෙළෙඳ කටයුතු වලින්ද බලපෑම් ඇතිවුණ නිසා වර්තමානය් වනවිට ශ්‍රී ලංකා ජන සමාජය යනු විවිධ ගණයේ ආගම්,ජාතීන් වලට අයත් සාමාන්‍ය ජනතාව ජීවත්වෙන විවිධත්වයෙන් විචිත්‍රවත් ජන සමාජයක්.

එම හේතුව නිසාවෙන්ම විවිධ ගණයේ ආගම්,ජාතීන් වලට අයත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය  කල බව කවුරුත් හොඳින්ම දන්නා කාරණයක්.

එම ක්‍රීඩකයින්ගෙන් කිහිපදෙනෙක්,

- මුත්තයියා මුරලිදරන්
- චමින්ද වාස්
- රසල් ආනල්ඩ්
- ෆර්වීස් මහරුෆ්
- තුවාන් මොහොමඩ් දිල්ශාන් - තිලකරත්න මුදියාන්සේලාගේ දිල්ශාන්
- මොහොමඩ් මාශූක් මොහොමඩ් සුරාජ් - සුරාජ් රන්දීව්
- විනෝදන් ජෝන්
- රසල් හාමර්
- ඩේවිඩ් හයින්
- උවෙයිස් කානයින්
- මයිකල් වැන්ඩෝට්
- ජෙහාන් මුබාරක්
- ඇන්ජලෝ මැතිව්ස්
- ජෙෆ්‍රි වැන්ඩසේ

පසුකාලීනව විවිධ ජාතීන්,ආගම් වලට අයත් ක්‍රීඩකයින් නිතරම පාහේ ජාතික කණ්ඩායමේ දක්නට ලැබුණද,
අපට ටෙස්ට් වරම් ලැබුණු මුල් කාලයේදී එය 
එසේ නොවීය.

එවකට සිටි ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ සිංහල ක්‍රීඩකයින් වූ අතර එවැනි කාලවකවානුවක ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ,

රෝයි ඩයස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පළමු ද්‍රවිඩ ජාතිකයා ලෙස වාර්තා පොත්වල සටහන් වී ඇත.

- හේලිත හෙට්ටිආරච්චි -

Murali The Gentleman!

This is Murali and his family waiting in a long queue to get to the counter at the immigration at Katunayake airport. He had flown down from India and was taking pictures with everyone who asked for one, while waiting. His wife Madhi Malar was by his side chatting with people she had never met in her life.

I was right behind them. The staff asked him to step out of the line so they can get him cleared quickly and he could have been on his way home in a few minutes. But he politely declined the offer and waited in line for almost an hour with the rest of us. I didn’t want to trouble him for a picture because I felt like he could have been really tired. They were both so very humble and sweet.

What a great duo. Such humility from such a legend. I thought it was worth a share. Bless him and his family.

Copied from – Udara Rathnayake


Sunday, January 26, 2020

''චමින්ද වාස්" පිළිබඳ අප්‍රසිද්ධ කරුණු කිහිපයක්..!

- අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතරින් දීර්ඝතම නාමය හිමි ක්‍රීඩකයා වාස් නොවේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දීර්ඝතම නාමය හිමි ක්‍රීඩකයා වාස් බව මතයක් බොහෝ දෙනා අතර පැවතුනද එය එසේ නොවේ,

අන්තර්ජාතිකව නොව ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් අතරින්ද දිගම නම හිමි ක්‍රීඩකයා වාස් නොවේ.

'වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස්' යන වාස්ගේ සම්පූර්ණ නමට ඉංග්‍රීසි අකුරු 52ක් අයිති වන අතර,

ගිහාන් රූපසිංහ,අකිල ධනන්ජය,සචිත්‍ර සේනානායක හා හේමන්ත වික්‍රමරත්න යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ගේ නම් වාස්ගේ නමට වඩා දීර්ඝය.

- කුඩා කාලයේදි වාස් කතෝලික පූජකයෙකු වීමට බලාපොරොත්තුව සිට ඇති අතර පසුකාලීනව එම බලාපොරොත්තුව පසෙකින් තබා ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුවී ඇත.

- සචින් තෙන්ඩුල්කාර්ට එරෙහිව පන්දු යැවූ සාර්ථකම එක්දින පන්දු යවන්නා වාස්ය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින තරඟ 49කදී වාස් විසින් තෙන්ඩුල්කාර්ව 9 වාරයක් දවාගෙන ඇත.

- වාස් විසින් පෞද්ගලිකව තමාගේ දක්ෂතා පිළිබඳව දත්ත වාර්තා පොතක් පවත්වාගෙන ගොස් ඇති අතර ටෙස්ට් කඩුළු 200 ලබාගැනීමේදී එම දත්ත වාර්තා පොතේ සටහන්ව තිබූ අයුරින් කඩුළු 200 සම්පූර්ණ කලා යැයි සිතමින් සෙසු ක්‍රීඩකයින් සමඟ උත්සවාකාරයෙන් එම අවස්ථාව සැමරුවද,

ඒ වනවිට වාස් ලබාගෙන තිබුණේ කඩුළු 196ක් පමණක් වන නිසා නැවතත් නියමාකාරයෙන් කඩුළු 200 ලබාගැනීමෙන් පසුව උත්සවාකාරයෙන් එය සැමරීමට වාස්ට සිදු වී ඇත.

- එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුළු 8 වාස් විසින් ලබාගන්නේ තම බිරිඳගේ උපන්දිනය යෙදී තිබූ දිනකදීය.

- එක්දින තරඟයක මුල් පන්දු 3දී කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රථම හා එකම පන්දු යවන්නා වාස්ය.

2003 ලෝක කුසලානයේදි වාස් විසින් බංග්ලාදේශයට එරෙහිව මෙම දස්කම වාර්තා කරන ලදි.

- ටෙස්ට් තරඟයක ඉනිම් දෙකේදි කඩුළු 14ක් ලබාගත් ආසියානු වේගපන්දුයවන්නන් දෙදෙනා අතරට වාස් අයත්වන අතර මෙම දස්කම දැක්වූ අනෙක් පන්දු යවන්නා ඉම්රාන් ඛාන්ය.

වාස් මෙම දස්කම වාර්තාකලේ 2001 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය.

- වාස් තම 400වැනි එක්දින කඩුල්ල ඉන්දියාවට එරෙහිව කොළඹදී ලබාගත්තේ තම අවසාන එක්දින තරඟයේදීය.

- තම අවසාන එක්දින තරඟය 2008දී ක්‍රීඩා කලද 2011 ලෝක කුසලානයේ අවසාන තරඟය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා වාස් වෙත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කැඳවීමක් ලැබුණු අතර ආබාධිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ අඩුපාඩුව මඟහරවා ගැනීම වෙනුවෙන් එය සිදුකරන ලදි.

එනමුත් එම ලෝක කුසලාන අවසන් තරඟය ක්‍රීඩා කිරීමට වාස්ට අවස්ථාවක් ලැබුණේ නැත.

- IPL තරඟාවලියක පළමු තරඟයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් පළමු පන්දුයවන්නා වාස්ය.

ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2010 IPL තරඟාවලියේ පළමු පන්දුවෙන්ම මනෝජ් තිවාරි නම් පිතිකරුවා දවාගනිමින් වාස් මෙම දස්කම වාර්තා කලේය.

අන්තර්ජාලය ඇසුරෙන් හේලිත හෙට්ටිආරච්චි ලියූවකි.

Saturday, January 25, 2020

අයියෝ, මට අර ඔරලෝසුව හම්බවෙන්නේ නැතිවෙයිද...??!!!


ඔය උඩින් තියෙන්නේ 1996 වර්ල්ඩ් කප් එකේ එංගලන්තේ එක්ක තිබුණු අර්ධ අවසාන පුර්ව තරඟයේ බෝල 44කට 82ක් ගහලා ජයසූරිය අවුට් උනාට පස්සේ එන ෆොටෝ එක!

ජයසූරියගේ මූණ බෝල 44කට 82ක් ගහලා කණ්ඩායමට ස්ථාවර පදනමක් හදලා අවුට් උන කෙනෙක්ගේ මූණට වඩා ගොඩක් බැරෑරුම්!

ඒකට හේතුවක් තියෙනවා!

මීට ටිකකට කලින් දවසක ශොපින් ගියපු වෙලාවක ජයසූරිය දැකලා තියෙනවා ලස්සන ටිකක් වටිනා අත් ඔරලෝසුවක්. 
හැබැයි දැන් මේක ගන්න ජයසූරියට සල්ලි නෑ!

ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න කලින් ඉඳලම ධනවත් සිදත් වෙත්තමුණි මහත්මයා මේක දැක්කා,
දැකලා කිව්වා ක්වාටර් ෆයිනල් එකේ ඕවර් 15ම බැට් කලොත් මේක අරන් දෙනවා කියලා. 

අවුල උනේ එංගලන්තේ බෝලර්ස්ලට එළොව පොල් පේන්න ගැහුවත්,
ජයසූරියට ඕවර් 15ම විකට් එකේ ඉන්න බැරි උන එකයි!

ඉතින් ජයසූරිය ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා තියෙන්නේ ටිකක් අවුලෙන්.
එහෙම ඇවිල්ලා සිදත් මහත්මයාගෙන් ඇහුවලු "අයියේ අරක අරන් දෙනවද?"කියලා.

සිදත් මහත්මයා එවෙලේ විහිළුවට බෑ කිව්වට පස්සේ අරන් දුන්නලු!

ඒ කාලේ ක්‍රිකට් ගහපු අයට තිබුණු බලාපොරොත්තු බොහොම පොඩි දේවල් කියන්න මේක හොඳ උදාහරණයක්!

- හේලිත හෙට්ටිආරච්චි -

හොරෙන් ක්‍රිකට් බලා හිරේ යන මිනිසා!


ක්‍රිකට් මැච් එකක් බලලා හිරේ යන්න වෙනවා?
ඒ මොන කුණුහබ්බයක්ද?

හැබැයි ක්‍රිකට් මැච් එක බලන්නේ හොරෙන් නම්?
ඒකත් බලන්නේ Lords ground එකේ Exclusive Area එකේ නම්?

අවුරුදු 29ක් තිස්සේ Lords exclusive membership එක ගන්න අයැදුම් කරපු අයගේ waiting list එකක් තියෙද්දි Ebay එකෙන් ගත්‍ත හොර membership card එකක් පාවිච්චි කරලා ඇතුල්වෙලා එකම එක මැච් එකක් බලපු James Lattimer කියන මේ මනුස්සයා බළධාරීන්ගේ අතටම අසුවීම නිසා නුදුරේදීම බන්ධනාගාරගත වීමට නියමිතයි!

මොනා උනත් ඇත්තම ක්‍රිකට් පිස්සෝ කියන්නේ මේං මේ වගේ අයට තමා!

දැන් පලකෝ හිරේ!

- MSN News ඇසුරින් හේලිත හෙට්ටිආරච්චි ලියූවකි -

Thursday, January 23, 2020

Nostalgic Memories of Amazing 90's!

Sana & Ara with Sangeetha


Don't underestimate the rest of this batting lineup!



One of the most accurate predictions in the entire cricket history!

1996 World Cup Semi Finals -
India vs Sri Lanka

Sana & Kalu both got out in the first over!
Mad Max has arrived to the pitch!
Rest is history!

Like Father - Like Son!


Watch the bowling comparison of Murali & his son!

By the way,
Nowadays Murali's son Narain is renowned in Sri Lanka schools cricket as a batsman, not as a bowler.

Video Link - https://mobile.twitter.com/SunRisers/status/1117805024468295683?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1117805024468295683&ref_url=https%3A%2F%2Fwww.republicworld.com%2Fsports-news%2Fcricket-news%2Fwatch-muttiah-muralitharans-sons-bowling-action-is-a-copy-paste-of-his-dad-say-netizens.html

Special Credits - Tharuka Jayaranga

Twins of Mother Earth!


An Indian mother holds her twins dressed in Indian and Sri Lankan cricket uniforms during the fifth one day international (ODI) match between India and Sri Lanka at the Sardar Patel Cricket Stadium in Ahmedabad, 06 November 2005.

This is what we called as the 'Beauty of Cricket'!

Thursday, January 16, 2020

- නාහෙට නාහන නායකයා -


නැසීගිය නවසීලන්ත සුපිරි පිතිකරු 'Martin Crowe' විසින් ලියූ 'The Chef - Arjuna Ranatunga' යන ලිපිය අනුසාරයෙනි.

'නොහොබිනා,උද්‍යෝගිමත් හා උපායෙහි දක්ෂ' අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ,

'අර්ජුන රණතුංග' යනු, 

- ක්‍රිකට් පිටිය තුලදි කිසිවෙකුට නොදෙවනි වන තරමේ ශක්තිමත් මානසිකත්වයක් තිබූ ක්‍රීඩකයෙකු වූ නමුත්,
- පිටියෙන් බැහැරදි එයට හාත්පසින්ම වෙනස් තරමේ සුහදශීලී හැසිරීමක් තිබෙන,

විශ්වාසවන්ත මිත්‍රයෙකි..! "


ඇත්තම කියනවනම්, 
මම තරම් ඔස්ට්‍රේලියාවට වෛර කරපු තවත් කෙනෙක් නම් වෙන කොහෙන්වත් හොයාගන්න බැරිවේවි!

ඒ හේතුව නිසා,
ඔස්ට්‍රේලියාවට වධ දෙන කෙනෙක් ලෝකේ කොහේහරි ඉන්නවනම් එයාව මට පේන්නේ වීරයෙක් විදියටයි!

බාහිර පෙනුම කෙසේ වෙතත්,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු 'අර්ජුන රණතුංග' කියන තරබාරු මොළකාරයාට තරම් දරාගැනීමේ ශක්තියක් තිබුණු වෙනත් කෙනෙක් නම්,

මට කවදාවත් මුණගැහිලා නැහැ!

අර්ජුනයි මායි දෙන්නම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට ආවේ එකම කාලවකවානුවකදි..

තරුණ තුන් ඉරියව් ක්‍රීඩකයෝ විදියට අපි දෙන්නම, ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුව සඵලවීමට මුහුණදුන්නේ බොහොම උද්‍යෝගිමත් විදියට.

අපි දෙන්නගේ රටවල් දෙකේ කණ්ඩායම් වල ඒ කාලසීමාවෙදි තිබුණු වාතාවරණයන් ගැන කිව්වොත්,

80 දශකයේ මුල් භාගයේදි ටෙස්ට් වරම් ලබාගත්ත 
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්,
- වෘත්තිමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකලත්,
- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලැබු අත්දැකීම් අවම වුනත්,
දක්ෂතාවයෙන් නම්,
කාටවත් දෙවෙනි වුනේ නැහැ!

නවසීලන්ත කණ්ඩායම ඒ කාලවකවානුවේදි 
වෘත්තිමය හා ආධුනික යන ක්‍රීඩකයින් දෙවර්ගයේම සම්මිශ්‍රණයකින් සමන්විත වුනා.
ඒ වගේම නවසීලන්ත කණ්ඩායමට නායකත්වය 
ලබාදුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඒ වෙනකොට හිටපු වෘත්තිමය ක්‍රීඩකයින් අතරිනුත් ඉහළම තැනක වැජඹුනු 'සර් රිචඩ් හැඩ්ලි' විසින්.

මුල්මවරට මම අර්ජුනට කතාකලේ 1984 වසරේ
අස්ගිරිය ක්‍රීඩාංගනයේ පැවැත්වුන ටෙස්ට් තරඟයක් අතරවාරයේ හෙල්මට් එකකුත් දාගෙන 'Short Leg' පන්දු රකින ගමන්.

පිතිකරණයේ යෙදෙන ගමන්,
පන්දු රකින අපිව ඉලක්ක කරගෙන වරින් වරට නොහොබිනා දේවල් කියවන්න නම් අර්ජුනට තිබුණේ පුදුම හැකියාවක්!

ඒ විතරක් නෙවෙයි,
මොනම අවස්ථාවකදිවත් පරාජය භාරගෙන පැත්තකට වෙන පුරුද්දක් අර්ජුනට තිබ්බෙත් නෑ!

අර්ජුන පිතිකරණයේ යෙදෙනකොට පාවිච්චි කලේ සීමිත පහරවල් ගණනක්.
Cut, Sweep පහරවල් වලින් ලකුණ දෙක අරගෙන නිතරම වගේ පිතිකරණ අන්ත මාරුකරන්න අර්ජුනට හැකියාව තිබුණා.

මුලින්ම දැකපු වෙලාවට නම් කෙනෙක්ට හිතෙන්නේ අර්ජුන කියන්නේ බොහොම අලස,ක්‍රීඩාවේ යෙදෙන්න අවශ්‍ය ජවය නැති තරබාරු කෙනෙක් කියලා.
ඒත් පන්දුවට පහරදීමේ හැකියාවෙන් වගේම අවසාන මොහොත දක්වාම සටන්කිරීමේ ගුණයෙන් පරිපුර්ණ අර්ජුනට තරඟයක් කනපිට ගැසීමේ හැකියාව තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඇවිත් එහෙමට කාලයක් ගතවෙන්නත් කලින් අර්ජුනට 'Chef' කියන අනවර්ථ නාමය පටබැඳෙනවා.

සුදු ඇඳුම් ඇඳපු,
නිතරම බඩගින්නේ ඉන්නවා වගේ පෙනුණු,
තමන්ගේ නීතියට පිටින් යන ඕනම කෙනෙක්ව අපායට උනත් යවන්න ලෑස්තිවෙලා හිටපු,

අර්ජුනට 'Chef' කියන නම පටබැඳුන එකත් ඒ තරම් පුදුමයක් නෙවෙයි!

අර්ජුනයි මායි කීපවතාවක්ම නොයෙක් දේ ගැන වාද විවාද කරගෙන එදිරිවාදිකම් ඇතිකරගත්තත්, 
අපි දෙන්නටම අපේ හිත් ඇතුලෙන් තමන්ගේ ප්‍රතිවාදියා ගැන විශාල ගෞරවයක් තිබුණා.

අර්ජුනගේ නිර්ව්‍යාජ හිනාව වගේම
අර්ජුන ජීවිතය විඳින ආකාරය ගැන,
පෞද්ගලිකව මට තිබුනේ බොහොම ප්‍රසන්න හැඟීමක්!
අර්ජුන කවදාවත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙන හිටපු කෙනෙක් නෙවෙයි!

අර්ජුන කියන්නේ,
බොහොම ලොකු හදවතක් තිබුණු, 
ස්ථානෝචිත ප්‍රඥාව යහමින් පාවිච්චි කරපු,
දක්ෂ ක්‍රීඩකයෙක්.
අර්ජුනට අත්දැකීම් තිබ්බේ බොහොම අඩුවෙන්,
ඒත් ඒ තිබුණු අවම අත්දැකීම් ටික පාවිච්චි කරලා හරි තමන්ගේ කණ්ඩායම අදාල ඉලක්කය වෙත අරන් යන්න  අර්ජුනට පුළුවන්කම තිබුණා.

1996 වසර වෙනකොට අර්ජුන යහමින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කාලාන්තරයක් තිස්සේ පරිණත වුන ප්‍රඥාවන්තයෙක් වෙලා ඉවරයි,
අර්ජුන තමන්ගේ කණ්ඩායම ගැන මුල ඉඳලා අගටත්,අග ඉඳලා මුලටත් දැනගෙන හිටියා.

අර්ජුන හොඳින්ම දැනගෙන හිටියා තමන්ට ඕන වැඩේ කරවගන්න ඔබන්න ඕන බොත්තම මොකක්ද, 
ඒක ඔබන්න ඕන වෙලාව මොකක්ද, 
කියන එක ගැන.

අර්ජුන ඔස්ට්‍රේලියාව දැක්කේ පහසු ඉලක්කයක් විදියට.
අර්ජුන දැනගෙන හිටියා ඔස්ට්‍රේලියාවේ ඇතුලාන්තය මොනවගේද කියන එක ගැන.
ප්‍රෙෂර් එක වැඩි උන වෙලාවට අනිත් කණ්ඩායමට අපහාස කරලා ඒ ප්‍රෙෂර් එක අඩුකරගන්න තරම් බියගුළු,නිවට ගතිගුණ තිබුණ ඔස්ට්‍රේලියාවට රිද්දන්න ලේසිම ක්‍රමය පෞද්ගලිකව ක්‍රීඩකයින් ඉලක්ක කරලා වාචිකව පහර දීම කියන එකත් අර්ජුන තේරුම් අරගෙනයි හිටියේ.

'වෝන් කියන්නේ සාමාන්‍ය ගණයේ පන්දුයවන්නෙක්' කියලා අර්ජුන කරපු ප්‍රකාශය වෝන් ඇතුළු මුළු ඔස්ට්‍රේලියාවම කුපිත කෙරෙව්වා.
වෝන් ඇතුළු ඔස්ට්‍රේලියාව කුපිතවෙලා,
හැඟීම් වලට වහල්වෙලා පලිගන්න උත්සහ කරන එකෙන් වැඩිම වාසිය ලැබුණේ කණ්ඩායමේ කොඳු නාරටිය එහෙමත් නැත්නම් අර්ජුනගේ දකුණු අත වෙච්ච අරවින්ද ද සිල්වාට.
වෝන් කලබල වුන එකේ වාසිය අරවින්ද තමන්ට පුළුවන් උපරිමයෙන්ම පාවිච්චි කලා.

හරි සරළයි,
එක ගලෙන් අර්ජුන කුරුල්ලෝ දෙන්නෙක්ම ඇල්ලුවා!
තමන්ගේ කපටිකමෙන් මුළු රටකම බලාපොරොත්තු ඉෂ්ඨ කරවන්න අර්ජුනට පුළුවන් උනා!

අර්ජුනයි මායි පිටියෙන් බැහැරදි බොහොම හොඳ මිත්‍රත්වයක් පවත්වගෙන ගියා.
ලංකාවට ආපු හැමවෙලාවකදිම භෝජන සංග්‍රහයක් වෙනුවෙන් මට අර්ජුනගේ ගෙදරට එන්න කියලා ආරධනාවක් ලැබෙනවා.

ක්‍රිකට් සෙල්ලම් කරලා ලබන වින්දනයටත් වඩා,
තමන් කැමති කැමති නොයෙක් ගණයේ 
ආහාර අනුභව කිරීමෙන් ලැබෙන වින්දනයට,
අර්ජුන කැමතියි කියන එකනම් මම අනිවාර්යයෙන්ම දන්නවා..

අර්ජුනත් එක්ක කාලය ගතකරන්න ඇත්තටම මම 
නම් හරිම කැමතියි,
කිසිම කම්මැලිකමක් දැනෙන් නැති වීම වගේම 
හරිම ආරක්ෂාකාරී හැඟීමකුත් අර්ජුන එක්ක කාලය ගතකරන වෙලාවට මට දැනිලා තියෙනවා.
ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම එක්කගෙන ගිහින් අර්ජුන මම ජීවිතේටම දැකලා තිබ්බේ නැති දේවල් මට පෙන්නලා දීලත් තියෙනවා.
පිටරටකදි මම අත්විඳපු හොඳම ආරක්ෂාකාරී හැඟීමත්,නිදහසත් මට ලැබුනේ අර්ජුනත් එක්ක ලංකාවේ ඇවිදිනකොට.
තැන් තැන්වල ඇවිද්දා විතරක් නෙවෙයි,
අර්ජුන මගේ කකුලේ තිබුණු ආබාධය සුවකරන්නත් බොහොම වෙහෙස මහන්සිවෙලා උපකාර කරා කියන එක මට කවමදාවත් අමතකවෙන්නේ නැතිවෙයි!

අර්ජුන කියන්නේ වෛර කරන්න බැරි ප්‍රතිවාදියෙක්,
තමන්ට එරෙහිව ආපු හැම බාධයකටම නොසැලී මුහුණදෙන්න තරම් දැඩි මානසිකත්වයක් හා ආත්ම ශක්තියක් අර්ජුනට තිබුණා.

සුළුතරය නියෝජනය කිරීමේ මහා සංකේතය 
'අර්ජුන රණතුංග' කියන එක ආය අමුතුවෙන් ක්‍රිකට් ඉතිහාසය තුල ලියන්න අවශ්‍ය වෙන එකක් නැතිවේවි!

- හේලිත හෙට්ටිආරච්චි -

Wednesday, January 15, 2020

Motivational Quotes of Sri Lankan Cricket Legends!


No body goes undefeated all the time!

If you can pick up
After a crushing defeat,
and go on to

Win Again,

You are going to be a,
'Champion' someday!

- Kumar Sangakkara -



We should not play like Australia or 
India or England!

We should play like 
Sri Lanka!

- Mahela Jayawardane -

අෆ්‍රිඩි විසින් මුල්මවරට පන්දුව නිදැල්ලේ යන්නට හැරි, ඒ ඓතිහාසික දිනය!



බැට්ස්මන්ලා බෝලේ Leave කරන හැටි අපි කොයිතරම් නම් දැකලා තියෙනවද?

ඒත් මතක ඇති කාලෙක ඉඳලා මම බලපු ටෙස්ට්,වන්ඩේ හෝ T20 හෝ ඔය වෙන ඕනම ජාතියේ මැච් එකකදි ශහීඩ් අෆ්‍රිඩි බෝලයක් Leave කරනවා දැක්කේ එකම එක පාරයි.

හැබැයි අෆ්‍රිඩි Leave කරපු එකම එක ඒ බෝලේ,
පිච් උනාට පස්සේ අඩියක් විතර Move වෙලා විකට් එකේ වැදුනේ අෆ්‍රිඩිගේ කරුමෙටමද කොහෙද කියලා එදා නම් හිතුනා!

ඒත් ඒ බෝලේ විකට් එකේ වැදුනේ අෆ්‍රිඩිගේ කරුමයක් නිසා නෙවේ,
කුලේගේ අරුම පුදුම Inswing එක නිසා!

අෆ්‍රිඩිගේ විකට් එක යනකොට scoreboard එක 20 - 6,
මිරැන්ඩෝ,කුලසේකර දෙන්නා එකතුවෙලා එදා පකිස්තාන් ටීම් එක නන්නත්තාර කලා.

කුලේගේ ඒ කාලේ Bowling වලට නම් කට ඇරලා කැත නැතුව Pure Swing Bowling කියලා කියන්න පුළුවන්!x

කුලේගේ Prime එකේදි,
කුලේ කියන්නේ ක්‍රිකට් ඉතිහාසේ හිටපු ඕනම Fast Bowler කෙනෙක්ට දෙවෙනි වෙන්නේ නැති Bowler කෙනෙක්!

සුපිරි වැඩ්ඩෙක්!

එහෙම වැඩ්ඩෝ රොත්‍තක් එක පෙලට අවුරුදු ගණනාවක්ම අපේ රට වෙනුවෙන් සෙල්ලම් කරනවා දකින්න අවස්ථාව ලැබුණු අපි කොයිතරම් නම් වාසනාවන්තයෝද?

ආයේ එකදිගටම ඒ කාලේ වගේ සතුටෙන් මැච් බලන්න පුළුවන් වෙන දවසක් කවදා උදාවේවිද මන්දා?

මේක බලපු නැති අයට හා ආය බලන්න ඕන අයට -
https://youtu.be/bvFikm6Ti40

- හේලිත හෙට්ටිආරච්චි -

Quotes about Sanath Jayasuriya - 'Glenn Mcgrath'


Look Mate,
If you don’t hit correct areas,
he makes you look like a school boy!

- Glenn McGrath -


Friday, January 10, 2020

පිත්තෙන් වැඩ පෙන්වා, "ශ්‍රී ලංකා ක්‍රිකට්" මහා අවමානයකින් බේරා ගත් මුරලි!


හම්මෝ..!
මේ මැච් එක ලයිව් බලපු අය එසේ මෙසේ පිංවතුන් නම් නෙවෙයි!

මුරලි ලකුණු 33ක් අරගෙන මහරුෆ් එක්ක එකතුවෙලා මේ මැච් එක ඉවරකලේ නැත්නම්,
ශ්‍රී ලංකාව Tri Nation Series එකක් බංග්ලාදේශයට පරාද උන පළවෙනි වතාව වෙන්නේ මේ Series එක.

මට හොඳට මතකයි,
අපි A/L ඉවරවෙලා රිසාල්ට්ස් එනකන් හිටපු කාලේ තමයි මේ Series එක සෙල්ලම් කලේ.

අපේ වෙලාවට එදා මුරලිගේ බැට් එකට හරිගියා...!

Grameen Tri Nation Series Final 
SL vs BAN @ Dhaka - January 16, 2009

Video Link - https://youtu.be/HVGzodjzqrw

නැවත ගොඩඒමට නම් තරුණ ජවය අවැසිය!


2020 T20 වර්ල්ඩ් කප් බලාපොරොත්තු 
පැත්තකින් තියලා,
Team Captaincy එක ශානකටම දීලා,
ගිය අවුරුද්දේ T20 Series එකට පකිස්තානෙට ගියපු සෙට් එකට 'Consistent Long Run' එකක් දුන්නනම්,

අපි තව අවුරුද්දක් විතර යනකොට T20 Cricket වලින් ලොකු දෙයක් කරයි කියලා මට නම් හිතෙනවා!

එකක්,දෙකක් ෆේල් උන ගමන් කැපෙනවා කියන භය ප්ලේයර්ස්ලගේ හිතෙන් අයින් කරවලා, 
එකම සෙට් එකට,එකදිගටම Free minded සෙල්ලම් කරන්න දෙන්නත් ඕන!

අපේ උන් ඒ මැච් 3 ගැහුවේ අර සමහරු කියන යක්කු ගහනවා වගේ,
ප්‍රෙෂර් එකක්,බයක් කියලා දෙයක් ගෑවිලාවත් 
තිබුණේ නෑ!

පේනවා නේද බාබර්ගේ කැච් එකට මිනෝද් පනින පැනිල්ල?

අත්දැකීම් කිය කිය නාකි උන්දැලා කරකෝන වෙලේ අළුත් කොල්ලොන්ට චාන්ස් දෙන්න ඕන මෙන්න මේ නිසයි!

ඒ විදියට බැලුවම අනවශ්‍ය බලාපොරොත්තු ගැන හිතන්නේ නැතිව,
අනාගතය ගැන හිතලා අළුත් කොල්ලොන්ට අවස්ථාව දෙන එක වඩාත් ඵලදායි වෙයි කියන එකයි මගේ නම් අදහස!

- හේලිත හෙට්ටිආරච්චි -

Monday, January 6, 2020

යොවුන් ක්‍රීඩක 'Dale Steyn'ව අන්‍ත අසරණ කල 'සනා බෝයි'


ජයසූරිය වෙනදා වගේම ඕපන් කරන්න ආවා,
ආපු වෙලේ ඉඳලා ග්‍රවුන්ඩ් එකේ හැම පැත්තටම හතරේ,හයේ පහරවල් ගහන්න පටන් ගත්තා.

මේ වෙලාවේ ඩේල් ස්ටේන් පන්දු යවමිනුයි උන්නේ,
ස්ටේන් එවපු බෝලෙට ජයසූරිය අත දිගෑරලා හොඳ පාරක් ගැහුවා,
ඒ ගහපු පාරට බෝලේ පොයින්ට් හරහා ගියේ නිකන් අකුණක් ගැහුවා වගේ!

ඊළඟ බෝලේ දාන්න කලින් ස්ටේන් මගේ ලඟට ආවා,
ඇවිත් කිව්වා,

"මට එයාට පන්දු යවන්න බෑ,
මම දන්නේ නෑ කොහෙට පන්දුව දාන්න ඕනද කියලා.!"

මේ සිද්ධිය වෙනකොට මම කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරන්න පටන් අරගෙන ගතවෙලා තිබුණේ බොහොම සුළු කාලයක්,
ඇත්තම කියනවනම ස්ටේන්ට විතරක් නෙවෙයි මටත් ඒ වෙලාවේ කරන්න ඕන දේ ගැන හරිහැටි අවබෝධයක් තිබුණේ නෑ!

තරුණ වයසේ ක්‍රීඩකයෙක් වුනත් ස්ටේන් ඒ වෙනකොට අපිට හිටපු ප්‍රධානම වේගපන්දු යවන්නා,
මම කණ්ඩායමේ නායකයා,
අපි දෙන්නා එකතුවෙලා මොන දේ කලත් එදා ජයසූරියගේ ප්‍රහාරය නවත්තගන්න අපිට පුළුවන් 
උනේ නෑ..!

ජයසූරිය කියන්නේ බොහොම සුළු වෙලාවකින් සම්පූර්ණ තරඟයම කණපිට ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්!

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් නායක - ඈශ්වෙල් ප්‍රින්ස්.

Sunday, January 5, 2020

Best of the Best - Sri Lankan Ground Staff!



ආඩම්බර වෙයන්!

ආය කතා දෙකක් නෑ,
ලෝකේ හොඳම Cricket Ground Staff එක අපේ!

රටක් විදියට අපි දුප්පත් වෙන්න ඇති,
ඔය ලොකු ලොකු රටවල් වලට තියෙනවා කියන තරම් පහසුකම්,උපකරණ අපිට නැතුවත් ඇති,
ඒ මොනා නැති උනත් මොර සූරන වැස්සක් පැය ගාණක් තිස්සේ වැහැලා ඉවර උනාට පස්සෙත් විනාඩි 20න් ග්‍රවුන්ඩ් එක ලෙසටම ගොඩ දාන්න අපේ කොල්ලොන්ට ලේසියෙන්ම පුළුවන්!

එකමුතුකම අතින් අපේ කොල්ලෝ හැමදාමත් ඉදිරියෙන්,
ඒ විතරක් නෙවේ තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන්න උන් හැමෝම,හැමදාම ඇපකැප වෙනවා!

එහෙම බැලුවම අපේ රත්තරන් කොල්ලොන්ට අපි සලකනවා හොඳටම මදි බොලව්!

ජයවේවා කොල්ලනේ!
හැමදාමත් අපේ රටේ නම ඉහළින්ම තියන උඹලට තව තවත් ශක්තිය,ධෛර්යය ලැබේවා!

- හේලිත හෙට්ටිආරච්චි -

අප සියළුදෙනාටම අමතක වූ, ඒ සටන්කාමී ඉනිම...!



ඇඟට පතට නොදැනීම මේ වෙනකොට අපි 2019 අවුරුද්ද පහුකරලා අහවර වෙලා,
2020 අවුරුද්ද පටන් අරගෙන දවස් 2කුත් 
ගතකරලා ඉවරයි.

වෙනදට වඩා මේ පාර ටිකක් වෙනස්...

2020දි අළුත් දශකයක් ආරම්භ වෙන නිසා,
දැන් දවස් ගාණක් තිස්සෙම ලෝකේ පුරා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු තරමින් එකතුවෙලා,
එක එක මාදිලියේ මාතෘකා යටතේ,
වෙනදට වඩා ටිකක් වැඩිපුර වාදකරගන්නවා ඔයාලා බහුතරයක් නම් දකින්නත් ඇති,
එක අවුරුද්දක් ඉවරවෙනකොට වගේ නෙවේනේ දශකයක් ඉවරවෙනකොට,
දශකයකට අදාල පරාසය විශාලයි නෙව.

ඉතින් වාද විවාදත් නිරායාසයෙන්ම වැඩිවෙනවා!

හැමෝටම ඕන තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා,කණ්ඩායම මුළු ලෝකෙන්ම අංක 1 වෙනවා දකින්න!

මේ ගැන දන්න නිසාම සමහරක් ක්‍රිකට් වෙබ් අඩවි වලින් ප්‍රේක්ෂකයන්ට නොයෙක් ගණයේ කාණ්ඩවල දක්ෂතමයන් තෝරාපත් කරගන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නත් අවස්ථාව ලබාදීලා තිබුණා.

ඉතින් ඔය අතරවාරෙම,
පහුගිය 2010/19 දශකය පුරාවට පිතිකරුවෙක් රැස්කල හොඳම ටෙස්ට් ඉනිම මොකක්ද කියන එක ගැන අදහස් දක්වන්න කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ෆේස්බුක් පේජ් එකෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලලා තිබුණා කියලත් ඔයාලා දකින්න ඇති...!

ඔයාලා ඒ පෝස්ට් එකට ගිහින් බැලුවනම් දකින්න ඇති,

සැලකිය යුතු තරම් පිරිසක් කියනවා පහුගිය කාලේ එයාලා දැකපු හොඳම ටෙස්ට් ඉනිම මේ පාර ඈශස් වල ස්ටෝක්ස් ගහපු ඉනිමලු...!

තව ඒ වගේම සැලකිය යුතු තරම් පිරිසක් කියනවා එයාලා දැකපු හොඳම ටෙස්ට් ඉනිම KJP දකුණු අප්‍රිකාවට ගහපු ලකුණු 153ලු...!

ඔයාලට මොකද හිතෙන්නේ?

මගෙන් කවුරුහරි ඔය ප්‍රශ්නෙම ආපිට ඇහුවොත්,
සරලයි!
මට නම් කියන්න තියෙන්නේ පෞද්ගලිකව මම දැකපු හොඳම ඉනිම KJPගේ ඉනිම කියන එක තමයි.
හැබැයි මම එහෙම කියන්නේ KJP ලංකාවේ නිසා පැත්තක් අරගෙන නම් නෙවෙයි!

ස්ටෝක්ස්ගේ ඉනිම සුපිරියි තමයි!
ඒත් ස්ටෝක්ස් ඒ ඉනිම සෙල්ලම් කලේ තමන්ගේ රටේදි තමන්ට ක්‍රීඩාකරලා හොඳින් හුරුපුරුදු ක්‍රීඩාංගනයක.
අමතක කරන්න එපා!
ගන්න ලකුණක්,ලකුණක් ගානේ හෝම් ක්‍රවුඩ් එකෙන් ස්ටෝක්ස්ට දිරිමත් කිරීම් ලැබෙනවා කියන එකත්.

KJPගේ ඉනිම ස්ටෝක්ස්ගේ ඉනිමට වඩා හාත්පසින්ම වෙනස් තත්වයන් වල රැස්කරපු එකක්.
KJP මේ ඉනිම රැස්කරන්නේ තමන්ට නුහුරු,නුපුරුදු දකුණු අප්‍රිකානු බිමේදි.
මුළු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයටම දකුණු අප්‍රිකාව තුල ලබාගත්ත ටෙස්ට් තරඟ ජයග්‍රහණ තියෙන්නේ එකක් විතරයි.
අපිට විතරක් නෙවෙයි අනිත් ආසියානු රටවල් හැම එකකටම ටෙස්ට් තරඟාවලියකට දකුණු අප්‍රිකාවට යනවා කියන එකත්,
ගිහිල්ලා තරඟයක් ජයග්‍රහණය කරනවා කියන එකත් කවදාවත් ලේසි වැඩක් නම් උනේ නෑ.

KJP එදා හිටපු තත්වේ ස්ටෝක්ස්ට වඩා ගොඩක් වෙනස් කියන එක පිළිගන්නේ නැත්නම් ඒ හිතේ තියෙන කුහකකමකට හරි,
අපේම එවුන්ව පල්ලෙහාට දාන්න ඕන කියන චේතනාව පෙරදැරි කරගෙන කියන දෙකක් මිසක් වෙන හේතුවක් නිසා නම් නෙවෙයි.

මට දැනෙන විදියට අනුව නම්, KJP දකුණු අප්‍රිකාවෙදි ගත්ත ලකුණු 153* තමයි 'ආසියානුවන්ගේ අපාය' වගේ හැසිරෙන දකුණු අප්‍රිකානු බිමේදි ආසියානු පිතිකරුවෙක් රැස්කරපු හොඳම සහ වටිනාම ඉනිම.

සීසෝ එක වගේ තිබුණු ටෙස්ට් තරඟයක 
4වෙනි ඉනිමෙදි,
පිතිකරණයේ යෙදෙන්න අමාරු තණතිල්ලක, 
කිසිම ක්‍රවුඩ් සපෝට් එකක් නැති වෙලාවක,
ගිනි කසයෝ වගේ පන්දු යවන රාබඩා,
ස්ටේන්,ෆිලෙන්ඩර්,ඔලීවියර් වගේ ලෝකේ ඉන්න හොඳම ෆාස්ට් බෝලර්ස්ලා සෙට් එකකට එයාලගේ ගෙදර වගේ තැනකදිම මුහුණ දෙන ගමන්,
ලැයිස්තුවේ අන්තිම පිතිකරුවා එක්ක ලකුණු 78ක නොබිඳුන සම්බන්ධතාවයක් තියාගෙන ලෝක වාර්තාවකුත් පිහිටුවන අතරවාරේ,
කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කරන්න අවශ්‍ය උන ලකුණු වලින් හරි අඩක්ම ලබාගන්නවා කියන එක,

සුළුපටු දෙයක් නෙවෙයි..!

ඒ නිසයි මම KJPගේ ඉනිම ස්ටෝක්ස්ගේ ඉනිමට වඩා ඉස්සරහින් තියන්නේ,
ඒත් ඉතින් සමහර සුද්දොයි, සුද්දොන්ට කඩේ යන රොඩ්ඩොයි නම් ඕවා පිළිගන්න කැමති වෙන එකක් නෑ.
ඒකට ඉතින් අපිට කරන්න දේකුත් නෑ.

හැබැයි මම මේ මතක් කරන්න හදන්නේ KJP දකුණු අප්‍රිකාවෙදි ගත්ත ලකුණු 153* ගැන නම් නෙවේ,

පහුගිය දශකේ වාර්තා ගැන කතාකරද්දි මේ තරඟේ ගැන නිකමටවත් කවුරුවත් මතක් කරනවාවත් මම නම් දැක්කේ නෑ.
සමහරවිට ලකුණු ගාණ අඩු නිසා වෙන්නත් ඇති!

මතකද අපි 2018 වසරෙදි ටෙස්ට් තරඟ 3ක් ක්‍රීඩා කරන්න කොදෙව් දූපත් සංචාරය කලා?

පළවෙනි ටෙස්ට් එක පැරදුනා!
දෙවෙනි එක දිනන්න පුළුවන්කම තියාගෙන
විහින් ඩ්‍රෝ කරගත්තා!

තුන්වෙනි එකට මොකද උනේ කියලා මතකයිනේ?
අපි ඒක දින්නා!
නිකන් නෙවේ වර්ල්ඩ් රෙකෝඩ් තියලා!

බ්‍රිජ්ටවුන්,බාබඩෝස් වල ටෙස්ට් තරඟයක් දිනපු පළවෙනි ආසියානු කණ්ඩායම වෙන්න අපිට 
පුළුවන් උනා!

හැබැයි තරඟයේ 4වන දවසෙදි KJP නොහිටියා නම් කතාව වෙනස්වෙන්න ගොඩාක් ඉඩ තිබුණා,
තරඟයේ 3 වන දවසේ අවසානයේ KJP කොදෙව් ක්‍රීඩකයක්ගේ උඩපන්දුවක් රැකගන්න ගිහින් ඇඩ්වටීස්මන්ට් බෝඩ් එකක් උඩට වැටුන හැටි ඔයාලට මතක නැතිවෙන්න විදියක් නෑ.

එදා KJP වැටුණු ඒ විදිය දැකලා අපි බයවුණේ නෑ කියලා කියනවනම් ඒක අමු බොරුවක්!

එවෙලේ ටීවී එකෙන් මැච් එක බලපු අපි පවා ගොඩාක් අවුලෙන් හිටියේ,
තරඟේ ප්‍රතිඵලයට වඩා KJPට ලොකු අනතුරක් වෙයිදෝ කියන බය තමයි අපි හැමදෙනාටම තිබුණේ.

ඒත් වාසනාවකට රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර අරගත්ත KJPට තරඟේ 4වෙනි දවසෙදි පන්දුවට පහරදෙන්නත් පුළුවන් උනා!

දිල්රුවන් එක්ක එකතුවෙලා ලකුණු 63ක නොබිඳුනු සබඳතාවයක් රැස්කරපු KJP ඇත්තටම හිටියේ තරඟයක් ක්‍රීඩා කරන්න පුළුවන් ශාරීරික සුවතා මට්ටමක නම් නෙවේ,

ඔය පහල තියෙන ෆොටෝ එක දැක්කම ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ,
ප්ලාස්ටර්,බැන්ඩේජ් මුළු ඇඟ පුරාම!
ඒ වගේ අමාරුවෙන් ඉඳලත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්න හිතුන එකත් මට නම් ඇති!
ගහන්න තිබුණු ලකුණු ගාන අඩු උනාට,
විකට් 6ක් ගිහින් තියෙන වෙලාවම,
අන්ත අමාරු පිච් එකක අවුට් නොවී ඉඳලා මැච් එක ඉවරකරලම යන එක ලේසි වැඩක් නෙවේ.

KJP කියන්නේ ටිකක් අමුතු ජාතියේ පොරක් කියලා මටනම් මුලින්ම හිතුනේ එදා!
ඊටපස්සේ 153*කුත් ගැහුවම ඒක තහවුරු උනා!

කොහොමහරි ඉඳලා හිටලා ෆෝම් වෙන KJP කෙනෙක් වෙනුවට නිතර ක්ලික් වෙන KJP කෙනෙක්ව හදාගන්න අපේ අයට පුළුවන් උනොත්,

මැච් දිනන එකනම් මහ ගේමක් නෙවේ!

- හේලිත හෙට්ටිආරච්චි -

Saturday, January 4, 2020

Fixtures of Sri Lanka Cricket - 2020


January - 2020

Sri Lanka tour of India/2020 (Away) 
- Matches: 3 T20

Sri Lanka tour of Zimbabwe/2020 (Away) - Matches: 2 Test

February - 2020

West Indies tour of Sri Lanka (Home) - Matches: 3 ODI and 2 T20

March - 2020

England tour of Sri Lanka/2020 (Home) - Matches: 2 Test

June - 2020

South Africa tour of Sri Lanka/2020 (Home) - Matches: 3 ODI and 3 T20

Jun/Jul - 2020

India tour of Sri Lanka/2020 (Home) - Matches: 3 ODI and 3 T20

Jul/Aug - 2020
Bangladesh tour of Sri Lanka/2020 (Home) - Matches: 3 Test

September - 2020

Asia Cup/2020 Pakistan (Away) 
(Venue Not Confirmed yet)

October - 2020

Zimbabwe tour of Sri Lanka/2020 (Home)
- Matches: 3 ODI and 2 T20

Oct/Nov - 2020

ICC T20 Cricket World Cup/2020 Australia (Away)

December - 2020

Sri Lanka tour of Bangladesh/2020 (Away) - Matches: 3 ODI

Dec/Jan - 2020/21

Sri Lanka tour of South Africa/2021 (Away) - Matches: 2 Test

Thursday, January 2, 2020

Evolution of Cricket Bat - Since 1624!

1624 වසරේ සිට වර්තමානය දක්වා ක්‍රිකට් පිත්ත පරිණාමනය වූ ආකාරය!


Enjoy Suriya - ඉන්දියාවේ සූර්‍යා


90 දශකයේදි 'Amul' නම් ඉන්දියානු සමාගමක් තම නිෂ්පාදන වල අලෙවි ප්‍රවර්ධනය සඳහා සනත් ජයසූරියගේ රුව යොදා නිර්මාණය කල කාටූනයක්!

සමහරෙක්ට අනුව 90 දශකයේදි ඉන්දියාව තුල
'සචින් තෙන්ඩුල්කාර්'ගේ රුව යෙදූ පුවරුවලට වඩා 
'සනත් ජයසූරිය'ගේ රුව යෙදූ පුවරු සුලභව දක්නට ලැබී ඇත.

ඉන්දියානුවන් ජයසූරිය හැඳින්වීමේදී සුරතල් නාමයක්ද භාවිත කලෝය.

ලංකාවේදි අපට 'සනා' වූ සනත්,
ඉන්දියාවේදි 'සූර්‍යා' වූයේය.

අවාසනාවකට 'සනා' හෝ 'සූර්‍යා' වැන්නෙකු නැවතත් පිටියට එන්නේ නැත!
ඒ අඩුව වෙනකෙකුට පිරවිය හැකි වන්නේද නැත!