Saturday, January 25, 2020

අයියෝ, මට අර ඔරලෝසුව හම්බවෙන්නේ නැතිවෙයිද...??!!!


ඔය උඩින් තියෙන්නේ 1996 වර්ල්ඩ් කප් එකේ එංගලන්තේ එක්ක තිබුණු අර්ධ අවසාන පුර්ව තරඟයේ බෝල 44කට 82ක් ගහලා ජයසූරිය අවුට් උනාට පස්සේ එන ෆොටෝ එක!

ජයසූරියගේ මූණ බෝල 44කට 82ක් ගහලා කණ්ඩායමට ස්ථාවර පදනමක් හදලා අවුට් උන කෙනෙක්ගේ මූණට වඩා ගොඩක් බැරෑරුම්!

ඒකට හේතුවක් තියෙනවා!

මීට ටිකකට කලින් දවසක ශොපින් ගියපු වෙලාවක ජයසූරිය දැකලා තියෙනවා ලස්සන ටිකක් වටිනා අත් ඔරලෝසුවක්. 
හැබැයි දැන් මේක ගන්න ජයසූරියට සල්ලි නෑ!

ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න කලින් ඉඳලම ධනවත් සිදත් වෙත්තමුණි මහත්මයා මේක දැක්කා,
දැකලා කිව්වා ක්වාටර් ෆයිනල් එකේ ඕවර් 15ම බැට් කලොත් මේක අරන් දෙනවා කියලා. 

අවුල උනේ එංගලන්තේ බෝලර්ස්ලට එළොව පොල් පේන්න ගැහුවත්,
ජයසූරියට ඕවර් 15ම විකට් එකේ ඉන්න බැරි උන එකයි!

ඉතින් ජයසූරිය ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා තියෙන්නේ ටිකක් අවුලෙන්.
එහෙම ඇවිල්ලා සිදත් මහත්මයාගෙන් ඇහුවලු "අයියේ අරක අරන් දෙනවද?"කියලා.

සිදත් මහත්මයා එවෙලේ විහිළුවට බෑ කිව්වට පස්සේ අරන් දුන්නලු!

ඒ කාලේ ක්‍රිකට් ගහපු අයට තිබුණු බලාපොරොත්තු බොහොම පොඩි දේවල් කියන්න මේක හොඳ උදාහරණයක්!

- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment