Monday, January 6, 2020

යොවුන් ක්‍රීඩක 'Dale Steyn'ව අන්‍ත අසරණ කල 'සනා බෝයි'


ජයසූරිය වෙනදා වගේම ඕපන් කරන්න ආවා,
ආපු වෙලේ ඉඳලා ග්‍රවුන්ඩ් එකේ හැම පැත්තටම හතරේ,හයේ පහරවල් ගහන්න පටන් ගත්තා.

මේ වෙලාවේ ඩේල් ස්ටේන් පන්දු යවමිනුයි උන්නේ,
ස්ටේන් එවපු බෝලෙට ජයසූරිය අත දිගෑරලා හොඳ පාරක් ගැහුවා,
ඒ ගහපු පාරට බෝලේ පොයින්ට් හරහා ගියේ නිකන් අකුණක් ගැහුවා වගේ!

ඊළඟ බෝලේ දාන්න කලින් ස්ටේන් මගේ ලඟට ආවා,
ඇවිත් කිව්වා,

"මට එයාට පන්දු යවන්න බෑ,
මම දන්නේ නෑ කොහෙට පන්දුව දාන්න ඕනද කියලා.!"

මේ සිද්ධිය වෙනකොට මම කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරන්න පටන් අරගෙන ගතවෙලා තිබුණේ බොහොම සුළු කාලයක්,
ඇත්තම කියනවනම ස්ටේන්ට විතරක් නෙවෙයි මටත් ඒ වෙලාවේ කරන්න ඕන දේ ගැන හරිහැටි අවබෝධයක් තිබුණේ නෑ!

තරුණ වයසේ ක්‍රීඩකයෙක් වුනත් ස්ටේන් ඒ වෙනකොට අපිට හිටපු ප්‍රධානම වේගපන්දු යවන්නා,
මම කණ්ඩායමේ නායකයා,
අපි දෙන්නා එකතුවෙලා මොන දේ කලත් එදා ජයසූරියගේ ප්‍රහාරය නවත්තගන්න අපිට පුළුවන් 
උනේ නෑ..!

ජයසූරිය කියන්නේ බොහොම සුළු වෙලාවකින් සම්පූර්ණ තරඟයම කණපිට ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්!

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් නායක - ඈශ්වෙල් ප්‍රින්ස්.

No comments:

Post a Comment